Supportසහාය

How can we help?අපි උදව් කරන්නද?

Quick answers to the questions we hear most. Can't find yours? Email us — a real person reads every message.

අපෙන් වැඩිපුරම අහන ප්‍රශ්නවලට ඉක්මන් උත්තර. ඔයාගෙ ප්‍රශ්නය මෙතන නැද්ද? අපිට email කරන්න — හැම message එකක්ම කියවන්නේ ඇත්ත මනුස්සයෙක්.

Common questionsනිතර අහන ප්‍රශ්න

How do I turn on Lookuru Keyboard?Lookuru Keyboard on කරන්නෙ කොහොමද?

Install Lookuru from Google Play and open the app. It walks you through two steps:

1. Turn on Lookuru Keyboard in your phone's keyboard settings. 2. Choose Lookuru as the keyboard you type with.

Then open any chat and start typing. Android will show a notice that every keyboard “may collect the text you type” — that's normal for all keyboards (see below).

Google Play එකෙන් Lookuru install කරලා app එක open කරන්න. ඒකෙන් පියවර දෙකක් පෙන්නනවා:

1. ෆෝන් එකේ keyboard settings වල Lookuru Keyboard on කරන්න. 2. ඔයා ටයිප් කරන කීබෝඩ් එක විදිහට Lookuru තෝරන්න.

ඊට පස්සෙ ඕනම chat එකක් open කරලා ටයිප් කරන්න. හැම කීබෝඩ් එකකටම වගේ Android එකෙන් “ටයිප් කරන text collect කරන්න පුළුවන්” කියලා notice එකක් පෙන්නයි — ඒක සාමාන්‍ය දෙයක් (පහළ බලන්න).

Lookuru disappeared, or I want to switch keyboards. What do I do?Lookuru නැති වුණා, නැත්නම් වෙන කීබෝඩ් එකකට මාරු වෙන්න ඕනෙ. මොකද කරන්නෙ?

When a keyboard is open, most phones show a small ⌨️ keyboard icon at the bottom of the screen or in the notification bar. Tap it and choose Lookuru Keyboard (or another keyboard).

If Lookuru isn't in the list, open the Lookuru app again and repeat the setup steps. The exact menu names depend on your phone.

කීබෝඩ් එකක් open වෙලා තියෙනකොට, ගොඩක් ෆෝන් වල screen එකේ පහළ හරි notification bar එකේ හරි පොඩි ⌨️ keyboard icon එකක් පේනවා. ඒක ටැප් කරලා Lookuru Keyboard (නැත්නම් වෙන කීබෝඩ් එකක්) තෝරන්න.

List එකේ Lookuru නැත්නම්, Lookuru app එක ආයෙ open කරලා setup පියවර ටික ආයෙ කරන්න. Menu වල නම් ෆෝන් එක අනුව ටිකක් වෙනස් වෙන්න පුළුවන්.

How do I type Sinhala?සිංහල ටයිප් කරන්නෙ කොහොමද?

Tap සිං on the top bar and type the way you already text in Singlish. mama becomes මම, oya becomes ඔයා. Tap Eng to go back to English.

උඩ bar එකේ සිං ටැප් කරලා ඔයා දැනටමත් Singlish වලින් text කරන විදිහටම ගහන්න. mama මම වෙනවා, oya ඔයා වෙනවා. ඉංග්‍රීසියට ආපහු යන්න Eng ටැප් කරන්න.

What's free, and are there daily limits?නොමිලේ මොනවද, දවසට සීමා තියෙනවද?

Typing, Singlish, emoji, voice typing, suggestions and Quick Calc are free and unlimited. ✨ Magic Fix is free and unlimited, always.

Flip Translate and Word Tools give you 30 free a day; new ones arrive at 12 midnight. Clip Board keeps your last 3 copies and you can save 3 Short Cuts.

ටයිප් කිරීම, Singlish, emoji, voice typing, suggestions සහ Quick Calc නොමිලේ, සීමා නැතුව. ✨ Magic Fix හැමදාම නොමිලේ, සීමා නැතුව.

Flip Translate සහ Word Tools වලින් දවසකට නොමිලේ 30ක් ලැබෙනවා; රෑ 12ට අලුත් ඒවා එනවා. Clip Board එකේ අන්තිම copies 3 තියෙනවා, Short Cuts 3ක් save කරන්න පුළුවන්.

Is my typing private?මම ටයිප් කරන දේ පෞද්ගලිකද?

Yes. Your typing never leaves your phone — Lookuru doesn't log, store or send what you type, and Magic Fix works offline, on your phone. There's no account to make.

The only text that leaves your phone is text you choose to translate, which goes to Google Translate. Read the privacy policy.

ඔව්. ඔයා ටයිප් කරන දේ කවදාවත් ෆෝන් එකෙන් එළියට යන්නෙ නෑ — Lookuru ඒක log කරන්නෙවත්, save කරන්නෙවත්, යවන්නෙවත් නෑ. Magic Fix වැඩ කරන්නෙත් offline, ෆෝන් එකේමයි. Account එකක් හදන්නත් ඕනෙ නෑ.

ෆෝන් එකෙන් එළියට යන්නෙ ඔයා පරිවර්තනය කරන්න තෝරන text එක විතරයි. ඒක Google Translate එකට යනවා. Privacy policy එක කියවන්න.

Android says the keyboard “may be able to collect all the text you type”. Should I worry?Android එකෙන් “මේ කීබෝඩ් එකට ඔයා ටයිප් කරන හැමදේම එකතු කරගන්න පුළුවන්” කියලා පෙන්නනවා. බය වෙන්න ඕනෙද?

Android shows this same notice for every keyboard you add, because a keyboard technically could. Lookuru doesn't. In password, PIN and “incognito” boxes, Lookuru doesn't even learn new words.

ඔයා දාන ඕනම කීබෝඩ් එකකට Android මේ notice එකම පෙන්නනවා, මොකද කීබෝඩ් එකකට තාක්ෂණිකව ඒක කරන්න පුළුවන් නිසා. Lookuru ඒක කරන්නෙ නෑ. Password, PIN, “incognito” boxes වල Lookuru අලුත් වචනවත් ඉගෙනගන්නෙ නෑ.

Does it work without internet?ඉන්ටර්නෙට් නැතුව වැඩ කරනවද?

Yes. Typing, Magic Fix, suggestions and Quick Calc work offline. Flip Translate uses Google Translate when you're online; if Google can't be reached, Lookuru translates Sinhala ⇄ English offline on your phone.

ඔව්. ටයිප් කිරීම, Magic Fix, suggestions, Quick Calc offline වැඩ. Online නම් Flip Translate එක Google Translate පාවිච්චි කරනවා; Google එකට සම්බන්ධ වෙන්න බැරි නම් Lookuru ෆෝන් එකේම offline සිංහල ⇄ ඉංග්‍රීසි පරිවර්තනය කරනවා.

I don't like a fix. How do I undo it?Fix එකක් කැමති නෑ. Undo කරන්නෙ කොහොමද?

Tap 🤖 while the small ↩ shows (5 seconds), or hold 🤖 any time — it undoes up to the last 3 changes. Anything you typed after a change is never lost.

පොඩි ↩ එක පේනකොට (තත්පර 5) 🤖 ටැප් කරන්න, නැත්නම් ඕනම වෙලාවක 🤖 ඔබාගෙන ඉන්න — අන්තිම වෙනස්කම් 3 දක්වා undo වෙනවා. ඊට පස්සෙ ඔයා ටයිප් කරපු දේ කවදාවත් මැකෙන්නෙ නෑ.

How do I clear the words Lookuru has learned?Lookuru ඉගෙනගත්ත වචන මකන්නෙ කොහොමද?

Open the Lookuru app → Settings → Learned words → Clear. Learned words are only ever stored on your phone, never on a server. Uninstalling Lookuru also deletes them.

Lookuru app එක open කරලා → Settings → Learned words → Clear. ඉගෙනගත්ත වචන තියෙන්නෙ ඔයාගෙ ෆෝන් එකේ විතරයි, කවදාවත් server එකක නෙවෙයි. Lookuru uninstall කළාමත් ඒවා මැකෙනවා.

Lookuru asks me to update. Why?Lookuru update කරන්න කියනවා. ඇයි?

About once a week Lookuru checks if a newer version exists. Updates bring Lookuru AI improvements, new and corrected Sinhala words, and bug fixes — and sometimes an older version has to update so features keep working correctly.

To update: Google Play → your profile picture → Manage apps & device → Updates → Lookuru. The check only asks “is there a newer version?” — nothing about you or your typing is sent.

සතියකට සැරයක් විතර Lookuru අලුත් version එකක් තියෙනවද කියලා බලනවා. Updates වලින් Lookuru AI දියුණු වෙනවා, අලුත් සහ හදපු සිංහල වචන එනවා, bugs හැදෙනවා — සමහර වෙලාවට features හරියට වැඩ කරන්න පරණ version එකක් update කරන්නම වෙනවා.

Update කරන්න: Google Play → ඔයාගෙ profile පින්තූරය → Manage apps & device → Updates → Lookuru. මේ check එකෙන් අහන්නෙ “අලුත් version එකක් තියෙනවද?” කියලා විතරයි — ඔයා ගැනවත් ඔයා ටයිප් කරන දේ ගැනවත් කිසිවක් යවන්නෙ නෑ.

Is there an iPhone version?iPhone එකට තියෙනවද?

Lookuru is for Android, on Google Play.

Lookuru තියෙන්නෙ Android වලට, Google Play එකේ.